ශ්‍රි ලාංකීය සංස්කෘතිය

ශ්‍රි ලාංකීය සංස්කෘතිය

Monday, June 9, 2014



ශ්‍රි ලාංකීය සංස්කෘතිය

පුරාතන යුගයේ ශ්‍රි ලාංකීය සංස්කෘතිය විවිධ වු අංශයන්ගේ ආභාෂය ලැබ වෙනස්වීම්වලට ලක් විය. බොහොමයක් වෙනස්වීම් සඳහා හේතු පාදක වී ඇත්තේ ආගමික හා ලන්දේසි,පෘතුග්‍රීසි මෙන්ම ඉංග්‍රීසි ආක්‍රමණයන්ය.
   


සිංහල හින්දු අලුත් අවුරුද්ද






සිංහල හින්දු අලුත් අවුරුද්ද( සිංහලෙන් "අලුත් අවුරුද්ද"ලෙසද දෙමලෙන්"පුත්තාන්ඩු"ලෙසද හැඳින්වේ)ලංකාව තුල පවත්වන්නා වු මහා සංස්කෘතික මංගල්‍යයකි. මෙය අප්‍රේල් මසයේ එනම් බක් මස, සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදා වීම සිදු වේ. එක් වසරක අවසානයත් සමඟම නව වසර උදා වීම සිදුවන නමුත් එය මධ්‍යම රාත්‍රිය මුල් කරගෙන නොව නක්ෂ්‍යස්ත්‍රකරුවන් විසින් ලබා දෙන සංක්‍රමණ වේලව අනුව සිදු වේ. මෙම කාල සීමව නොනගතය නමින් හැඳින්වෙන අතර එම කාලය තුලදී සියලු වැඩ අත්හැර ආගමික හා සම්ප්‍රදායික ක්‍රියකරකම් සඳහා මුල්තැන දීම සිදු වේ.අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය.අලුත් අවුරුදු ක්‍රීඩා ඒ අතර මුල්තැනක් ගනී.












පසුගිය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාව ඉතා විශාල වශයෙන් විවිධ බලපෑම් වලට නතු විය. ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරයක් ස්වකීය පරිභෝජනය සඳහා සම්ප්‍රදායික ආහාර යොදා ගනු ලැබේ. නමුත් ධනාත්මක ලෙස ගෝලීයකරණයට මුහුණ දීමේ උත්සාහයේදී දියුණු රටවල ආර්ථික සංවර්ධනය හා තියුණු තරඟය නිසා විදෙස් සමාගම් දියුණු වෙමින් පවතින රටවල් කරා යොමු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ප්‍රබල ලෙස අයුතු බලපෑම් වලට නතු වී ඇත. බටහිර සංස්කෘතියේ බලපෑම හේතුවෙන් McDonalds, Pizza Hut සහ Kentucky Fried Chicken වැනි ක්ෂණික ආහාර වෙළඳ නාම ප්‍රචාරණ ආයතන මෙන්ම ඇඳුම් වර්ග ලෙස Levi සහා Bench වැනි නවීන දෑ ප්‍රධාන නගර ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති බව දැකිය හැක.










ශ්‍රී ලංකීය සංස්කෘතිය ආගම හා බැදී පවතී. ශ්‍රී ලංකාව තුල විවිධ ආගම් නියෝජනයක් පවතී. බෞද්ධ බැතිමතුන් පොහොය දිනයන් සමරන අතර හින්දු හා මුස්ලිම් භක්තිකයන් ඔවුන්ට වැදගත් වන දිනයන් සමරනු ලැබේ. ශ්‍රී ලාංකිකයන් දැඩි ආගම් භක්තිකයන්ය. මක් නිසද යත් පුරතන යුගයේ පටන් විවිධ ආගමික ඇදහිලි සඳහා මුල් තැන ලබා දී ඇති නිසාය. ශ්‍රී ලංකාව පුරා බොහෝ පන්සල් මෙන්ම මුස්ලිම් පල්ලි, හින්දු දේවස්ථාන පැතිර පවතී. ලංකවේ ප්‍රාදේශීයව පවතින ආගමික සිද්ධස්ථාන දෙස බැලීමෙන්ම ආගමික නැඹුරුව තීරණය කළ හැක. ශ්‍රී ලංකවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බොහෝ හින්දු දේවාල සහ මුස්ලිම් පල්ලි දැක ගත හැකි වන්නේ එම ප්‍රදෙශයන්හි දෙමළ හා මුස්ලිම් ජනගහනයක් ව්‍යප්තව ඇති බැවිනි. රෝමානු කතෝලික හා පොතෙස්තන්ත්‍ර ආගම් අදහන්නන් බොහොමයක් දකුණු මුහුදු තීරයේ ව්‍යාප්තව ඇති බැවින් බොහෝ පල්ලි දැක ගත හැක. ශ්‍රී ලංකවේ ප්‍රධාන ආගම බුද්ධාගම වීම බැවින් දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දීප ව්‍යාප්තව බෞද්ධ ආගමිකයන් විසිරී පැතිරී ඇත.


  





ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි මූලික වශයෙන් බලපා ඇත්තේ බුදුදහම සහ පෘතුග්‍රීසි යටත් විජිතවාදීන්ය.ශ්‍රී ලංකා ද්වීපයට ක්‍රිස්තු පූර්ව 300 දී බුදුහිමිගේ ආගමනයත් සමඟ බුදුදහම ස්ථාපිත විය. ඉන් අනතුරුව 15 වන සියවසෙහිදී පෘතුග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟ මෙරට සංගීතය විශාල වශයෙන් වෙනස් වීම් වලට ලක් විය. එයට හේතු වූයේ පෘතුග්‍රීසි ජනයාට ආවේනික වූ සංගීත භාණ්ඩ සහ ඔවුන්ගේ සංගීත විධි ක්‍රම මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමයි. පෘතුග්‍රීසින් සමඟ අප්‍රිකානු වහල්ලු විශේෂයක්ද මෙරටට රැගෙන එන ලදී. මොවුන් කපිරිඤ්ඤා නමින් හැඳින්වේ. ඔවුන්ගේ නර්තන නිර්මාණයන් බයිලා නමින් හැඳින්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බයිලා ගීත කලාව ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල මුල් බැස ගත්තේය. සම්ප්‍රදායික සංගීත ක්ෂේත්‍රය තුල උඩරට බෙරය විශේෂ ස්ථානයක් ගනී. මෙම බෙර බොහෝ විට බෞද්ධ හා හින්දු සිද්ධස්ථාන මුල් කර ගෙන වාදනය කිරීම සිදු කෙරේ....






ශ්‍රී ලංකවේ විවිධාකරයෙන් වූ චිත්‍ර හා කලා ශිල්ප, ආභාසය ලබා ඇත්තේ බොහෝ ප්‍රදේශීය හා දේශීය සම්ප්‍රදායන් උකහා ගත් හා පිළිගත් රටේ බොහෝ කාලයක් පුරා පවතින බෞද්ධ සංස්කෘතියෙනි. බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලාංකීය කලාවන් බිහි වී ඇත්තේ ආගමික විශ්වාස මත පදනම්ව වන අතර සිතුවම්, මූර්ති ශිල්පය හා ගෘහ නිර්මාණ වැනි කලාවන් තුලින් ඒවා නියෝජනය කෙරේ. ශ්‍රී ලාංකීය කලාවන්හි වැදගත් අංගයක් වන්නේ ලෙන් හා විහාරවල ඇඳි ආගමික සිතුවම්ය. උදාහරණ වශයෙන් සීගිරි බිතු සිතුවම්, දඹුල්ල හා නුවර ප්‍රදේශවල විහාරයන්හි ඇති සිතුවම් දැක්විය හැක. අනෙකුත් ජනප්‍රිය කලාවන් ආභාසය ලබා ඇත්තේ විදේශීය මෙන්ම ස්වදේශීය ජනපදිකයන්ගෙනි. උදාහරණ ලෙස ලී කැටයම්, මැටි වළං කර්මාන්තය ආදිය උඩරට ප්‍රදේශ ආශ්‍රිතව දැකගත හැක. තවත් විශිෂ්ඨ කලාවන් වන රේන්ද කලාව පෘතුග්‍රීසි අභාසයෙන්ද බතික් කර්මාන්තය ඉන්දුනීසියානු ආභසයෙන්ද ඇති විය.




ලෝකයේ විශාල වශයෙන් තේ නිපදවන්නන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාව තේ පානය කිරීම සම්බන්ධයෙන්ද අනෙකුත් රටවල් අභිබවා සිටියි. බොහොමයක් ශ්‍රී ලාංකිකයන් දිනකට අවම වශයෙන් උණු තේ කෝප්ප තුනකවත් රස බැලීමට අමතක නොකරති. ශ්‍රී ලංකාව ලෝකයේ උසස්ම තත්වයේ තේ නිපදවන රටවල් අතරින් එකක් වීම විශෙෂත්වයකි. එක්සත් රාජධානියේ රාජකීය පවුල පවා ස්වකීය පානයන් අතරට ලාංකීය තේ සඳහා ද මුල් තැනක් ලබා දීම තුලින් ලාංකීය තේ සඳහා ලෝකයේ ඇති ඉල්ලුම මොනවට පසක් වේ. නිවසට අමුත්තෙකු පමිණි අවස්ථාවකදී, උත්සව අවස්ථාවලදී මෙන්ම උදෑසන ආහාරයක් ලෙසද තේ පිලිගැන්වීමට හැක.












ආහාර නිෂ්පාදනය

දේශීය ආහාර නිෂ්පාදනයේ ආකර්ශණය සඳහා බහුල වශයෙන් ඉන්දීය, යටත් විජිත මෙන්ම විදේශීය වාණිජ කටයුතු යන අංශයන්ගේ බලපෑම සෘජු ලෙස ලැබී ඇත. සාමාන්‍යයෙන් දෛනික පරිභෝජනය සඳහා එකතු කර ගන්නා බත් ඕනෑම දිවා සහ රාත්‍රී විශේෂ උත්සව අවස්ථාවන් සඳහා රසවත් ව්‍යාංජන කිහිපයක් සමඟ පිළිගැන්විය හැක. ඉතා ප්‍රචලිත මධ්‍යසාර පානයන් වන රා සහ අරක්කු නිෂ්පාදනය සඳහා කිතුල්, පොල් වැනි තාල වර්ගයේ ගස්වල මලෙහි සාරය ගනු ලැබේ. ශ්‍රී ලාංකීය කෑම වේලෙහි බත් සහ ව්‍යංජන සුලබ දසුනකි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් ආප්ප සඳහාද දැඩි රුචිකත්වයක් දක්වති. නමුත් වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ක්ෂණික ආහාර කෙරෙහි යොමු වීමක් දැකිය හැක. උදාහරණ ලෙස hamburgers, hot dogs, Chinese rolls, patties සහ pastries ගත හැක. බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ තවත් රසවත් ආහාරයක් වන්නේ කිරිබත්ය. සාමාන්‍යයෙන් ව්‍යාංජන පිළියෙල කිරීමේදි මස් සහ මාළු ලෙස සීමා කීරීමක් නොකරන අතර ඒ සඳහා විවිධ එළවළු වර්ගද එකතු කර ගනු ලැබේ. ඇතැම් විට මුං, පරිප්පු වැනි දෑ ද යොදා ගැනේ.තවද අච්චාරු, චට්නි සහ සම්බෝල වැනි කටට සැර ආහාර වර්ගද ඇත.මෙහිදී ඉතා ප්‍රචලිත ආහාරයක් වන පොල් සම්බෝල පිළියෙල කිරීම සඳහා ගා ගත් පොල් සමඟ මිශ්‍ර කරගත් වියළි මිරිස්, ලුනු, උම්බලකඩ සහ දෙහි යුෂ යොදා ගැනේ. මෙය ව්‍යාංජනයක් ලෙස බත් සමඟ ආහාරයට ගැනීමෙන් නිතැතින්ම කෑම රුචිය වර්ධනය වේ. සම්බෝල වලට අමතරව විවිධ මැල්ලුම් වර්ගද ආහාරයට ගැනේ.මේවා පලා වර්ග කපා පොල් සහ ලූණු සමඟ මිශ්‍ර කර පිළියෙල කෙරේ. ශ්‍රී ලාංකීය කෑම වර්ගයන්හි රසය ඉස්මතු වී ඇත්තේ පොල් කිරි යොදා පිලියෙල කරන බැවිනි. ඉහත පෙර සඳහන් කළ පරිදි නාගරිකව වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාව ඇමෙරිකානු ක්ෂණික ආහාර නිෂ්පාදන සමාගම් සමඟ ඒකාබද්ධව ක්‍රියා කරන අතර බොහොමයක් වූ ලාංකීය තරුණ පරපුර මෙම ක්‍රියාවලිය අනුමත කරමින් ක්ෂණික ආහාර රටාවට හුරු වී ඇති බව ඉතා පැහැදිලිව දැකිය හැක. එසේ වුවද විශේෂයෙන් සමාජයේ වෙසෙන වැඩිහිටි පිරිස් මේ තත්වය ඉතා පිළිකුල් සහගතව හෙළා දැක ඇති බව පෙනේ.